#අරගන්න #කියවන්න #දැනගන්න
මොකක්ද මෙ IR sensor එක කියන්නෙ ,
IR සංවේදකය යනු ඉලෙක්ට්රොනික උපකරණයකි, එය අවට යම් වස්තුවක් දැනීම සඳහා ආලෝකය විමෝචනය කරයි. ... විමෝචකය හුදෙක් IR LED (ආලෝක විමෝචක දියෝඩ) වන අතර අනාවරකය හුදෙක් IR ෆොටෝ ඩයෝඩයකි. IR LED මඟින් විමෝචනය වන එකම තරංග ආයාමයේ IR ආලෝකයට ෆොටෝඩෝඩය සංවේදී වේ.
සරලවම කිව්වොත් ආලෝක පරාවර්තන මූලධර්මය පාවිච්චි කරලා හැදිච්ච සෙන්සර් එකක්.අලෝකය පරාවර්තනය වෙනවාද නැද්ද කියන මුලධර්මය පාවිච්චි කරලා වස්තුවක් නැත්තම් object එකක් තියෙනවද කියල බලගන්න පුලුවන්. Arduino වලට විතරද ඇත්තටම් IR සෙන්සර් පාවිච්චි වෙන්නෙ,නැහැ එක වැරදි INDRUSTIAL වල මෙක හුගක් පවිච්චි කරනවා.ගූගල් එකේ බලන්න ඔබට එය ගැන idea එකක් ගන්න පුලුවන්
අර්ඩුයිනො වලට අදාල මෙ සෙන්සර් එකක් රුපියල් 120 කට වගෙ අරගන්න පුලුවනි.විවිධ වර්ගත් තියෙනව IR TRANSMITTER එක පමණක් IR RECEIVER එක පමණක් තියෙන එවාත් තියෙනව
LINE FOLLOW රොබෝලා හදනවා දැකලා ඇති එකෙත් කලු සුදු අදුරගන්න බාවිතා වෙනවා දැකලා ඇති එහෙනම් වස්තුවක් තියෙනවද නැද්ද විතරක් නෙමෙයි කලු පාට සුදු පාට අදුරග්න්නත් මෙ IR සෙන්සර් එක පවිච්චි කරනවා.කොහොමද එහෙම වෙන්නෙ කියලා දැනගන්න කලින් අපි සෙන්සර් එකෙ කොටස් දැනගෙන ඉමු. (සියලු විස්තර කිරීම් වලට අදාල රුප පහත දක්වා ඇත.)
IR Emitter bulb - සෙන්සර් එක ගත්තහම සුදු පාට බල්බ් එක තමයි IR emitter bulb එක කියන්නෙ එකෙන් තමයි Infared කිරණ නිකුත් කරන්නෙ
IR RECEIVER bulb - කලු පාට බල්බ් එක තමයි Infared කිරණ එනවානම් එය අරගන්නෙ
Distance Adjust - කොපමණ දුරකට කිරණ අපට අවශ්ය පරිදි නිකුත් කරගන්න මෙක යොදාගන්නවා.මෙක variable resistor එකක්.මෙය කරකැවිමට ලක් කිරීමෙන් කිරණ නිකුත් වෙන දුර ප්රමාණය අඩු වැඩි කරගත හැක.
power led - සෙන්සර් එකට power ලබා දුන් පසු එය on වි ඇත්දැයි සොයා ගැනිමට හැක
obstacle led -නිකුත් කල IR කිරණ නැවතත් IR receiver බල්බයට ලැබෙයිනම් පමණක් මෙය දැල්වෙ
ඔන්න ඔය ටික තමයි දැනගන්න අවශ්ය ටික. ඉතින් ඔයගොල්ලන්ට මෙ වගෙ iR SENSOR එකක් ගෙදරදිම හදාගන්නත් පුලුවන් එකට අවශ්ය Circuit Diagram එක මම පල්ලෙහා දාලා තියෙනවා. රුපියල් 50ක වගෙ මුදලකින් ඩොට් බොඩ් එකක මෙක පාස්සගන්න පුලුවන්
කොහොමද ආර්ඩුයිනො වලට මෙක සම්බන්ධ කරගන්නෙ
VCC - 3v සිට 6v දක්වා අගයක් ලබා දිය හැක
GND - රිණ අග්රය ලබා දිය යුතුය
OUT- අර්ඩුයිනෝ බොඩ් එකෙ digital output 2 pin එකට මෙය ලබා දිය යුතුයි.
ඉන් පසුව අපට අවශ්ය code එක ලබා දිය යුතුයි.
දැන් අපි බලමු කොහොමද code කරන්නෙ කියලා
int ledinput=12;
int sensorinput=2;
int val=0;
void setup()
{
pinMode(ledinput,OUTPUT);
pinMode(sensorinput,OUTPUT);
}
void loop()
{
val= digitalRead(sensorinput);
if( val== HIGH){
digitalWrite(ledpin,HIGH);
}
else{
digitalWrite(ledpin,LOW);
}
}
මෙ ලියල තියෙන්නෙ ir සෙන්සර් එකෙන් ලැබෙන input එක HIGH නම් LED BULB එක දැල්වෙන්න කියලා නැත්තම් OFF වෙන්න කියල
code කරන විදිහ ගැන පසුව කතා කරමු . ආර්ඩුයිනො දැනගන්න කැමති අයට , ඉගෙනගන්න කැමති අයට මෙක share කරන්න. මම නොකියපු ඔයාල දන්න දෙවල් තියෙනවනම් comment කරන්න
No comments:
Post a Comment